Home » , » කොළඹ ගණිකාවන්ගේ ලෝකය - පළමු කොටස

කොළඹ ගණිකාවන්ගේ ලෝකය - පළමු කොටස

test


අසූව දශකයේ මැද භාගයේදී විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් ලෙස මහාචාර්ය නන්දසේන රත්නපාල මහතාගේ මගපෙන්වීම යටතේ සමාජ සමීක්ෂණවල යෙදුණ නිලංකා ජයසූරිය ඒ අතර ශ්‍රී ලංකාවේ ගණිකා වෘත්තීයේ යෙදුණ කතුන් පිළිබඳව ඉතා දුෂ්කර ගවේෂණයක යෙදුණාය එහි ප්‍රතිඵලයක් ලෙස ගණිකා වෘත්තීයේ සැබෑ මුහුණුවර නමින් ග්‍රන්ථයක්ද එළිදැක්වූ ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන්
සමාජ විද්‍යාව පිළිබඳ විශේෂ උපාධියක් හිමිකර ගත්තාය පසුව ඇය රෙඩ්බානා ශ්‍රී ලංකා ආයතනයේ වීදි දරුවන් පිළිබඳ කටයුතු සම්බන්ධීකරණයට සම්බන්ධ විය අනතුරුව වර්ල්ඩ් විෂන් ආයතනය විසින් ආරම්භ කරන ලද වීදි දරුවන් පිළිබඳ වැඩසටහනෙහි ආරම්භයේ සිටම එයට සම්බන්ධ වූ ඇය මේ වන විට එහි වැඩසටහන් සම්බන්ධීකාරකවරිය ලෙස කටයුතු කරයි
මෙම දිනවල අතරමගදී පාසල හැර යන සිසු සිසුවියන් ගැනද සමීක්ෂණයක යෙදෙන ඇය නිදහස් මාධ්‍යවේදනියකද වන්නීය

ඔබේ අරමුණ කොතෙක් යහපත් වුවත් මෙරට තුළ කාන්තාවකට හෝ තරු‚යකට ගවේෂණයක් සඳහාවත් මෙවැනි සමාජ ස්ථරයකට ඇතුල්වීම ලෙහෙසි නැහැ ඔබ එය කෙ)කඑත් කොයි විදියටද
ඔව්ල එය ඉතා අසීරු කරුණක් වුණා නමුත් මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා මාව එවකට සිටි නියෝජ්‍ය ‍පොලිස්පතිවරයෙකු වූ ධර්මදාස සිල්වා මහතාට අඳුන්වා දුන්නා ඒ වගේම පසුකලෙක 89 භීෂණ කාලයේ අතුරුදන් වූ ‍පොලිස් නිලධාරීන් දෙදෙනකු වූ සුදර්ශන සහ අජිත් යන මහතුන් දෙදෙනාද මා හට බොහෝ සේ උදව් කළා ඒ ආකාරයට එක් පැත්තක් සාර්ථක කරගත්තත් ඔවුන් ඇසුරු කර කරුණු ලබා ගැනීමේදීත් බොහෝ ගැටලූ‍වලට මුහුණ දෙන්නට සිදුවුණා

මොනවාද ඒ ගැටලූ‍
කොයිතරම් හොඳින් අවස්ථාවක් උදාකරගත්තත් සමහර ගණිකාවන් පිළිතුරු දෙන්නට වුණේ ඉතාමත් උදාසීන ආකාරයට ඕනෑවට එපාවට ඒ වගේ අවස්ථාවල ඔවුන් බොරු කියන බවත් මට වැටහී ගියා ඒ නිසා ඔවුන්ගෙන් නියම තොරතුරු ලබාගැනීමට සන්තෝෂම් මුදල් පරිත්‍යාග කරන්නට පවා සිදු වුණා ඒ වගේම එසේ මුදල් ලබාගැනීම පි‚ස තවත් සමහරු අතිශයෝක්තියෙන් කරුණු ඉදිරිපත් කරන්නටත් පටන් ගත්තා ඒ නිසා ඒ කරුණු නිවැරදිද කියා දැනගැනීමට නැවත වරක් කරුණු සොයා බලන්නට සිදුවුණා
සමහර අවස්ථාවල ගණිකා වෘත්තියේ යෙදෙන කතුන් තම අත්දැකීම් කියා පෑවේ ඉතා ග්‍රාම්‍ය පහත් වදන් යොදා ගනිමින් එවිට එකල විශ්ව විද්‍යාල යුවතියක වූ මා මහත් අපහසුතාවයන්ට ලක්වුණා ඒ හැරුනු කල ඔවුන් හා ඇතිවූ මිත්‍රත්වය නිසා මා සමාජය තුළද යම් අපහසුතාවයකට ලක්වන තත්ත්වයක් ඇති වුණා


ඒ කොයි විදියටද
මම එක උදාහරණයක් කියන්නම්
දිනක් මා බසයක් ගැනීමට බම්බලපිටිය බස් නැවතුම්‍පොෙ)කඑත් සිටින විට මා දන්නා ගණිකාවක් ඒ දෙසට ඇවිදගෙන ආවා ඇය ගණිකා වෘත්තියේ යෙදෙන්නියක් බව දන්නා එතැන සිටි පිරිසගේ නෙත් ඇය දෙසට යොමුවී අවඥා සහගත කසුකුසුවක් ද ඇතිවුණා ඒ කිසි දෙයක් ගණන් නොගත් අර කාන්තාවද පැමිණ මගීි පිරිස අතර හිට ගත්තා ඒ සමග මා දුටු ඇය එක්වරම මා ළඟට පැමිණ ඉතා සුහදව කතාකරන්නට පටන් ගත්තා ඒ සැණෙකින් එතැන සිටි සියලූ‍ දෙනාගේ ඇස් යොමුවුණේ අර ගණිකාව දෙසට නොවෙයි මා දෙසට එකල විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ යෙදී සිටි තරු‚යක වූ මම ඒ වෙලාවෙ මහත් අපහසුතාවයකට පත්වුණා ඒත් ඉන් පසුව මම එවැනි මා දන්නා අඳුනන කතුන් කොතැනක හමුවුවත්ල ඔවුන් මගහැර යන්නට උත්සාහ කෙ)කඑත් නැහැ මේ අයට සිනාසෙන පිරිමින් අතර ඇය සමග යහන් ගතවූ පිරිමින් ද සිටින්නට පුළුවන් නොවේද යන හැඟීමත් ඔවුන් කොතරම් කුහක ලෙස මේ කතුන් දෙස බලනවාද යන හැඟීමත් මා තුළ ඒ කතුන් කෙරෙහි මහත් අනුකම්පාවක් ඇති කරන්නට සමත් වුණා ඒ වගේම මේ කාන්තාවන් මා වෙනුවෙන් ලොකු උදව්වක් කළ අය නොවේද යන හැඟීමත් ඔවුන් මග හැර නොයන්නට මා ‍පොළඹවනු ලැබුවා


ඔබ විසින් පසු කලෙක ගණිකා වෘත්තියේ සැබෑ මුහුණුවර නමින් ‍පොතක් එළිදක්වනු ලැබුවා මෙය එම වෘත්තියේ හැබෑ මුහුණුවර යයි නම් කරනු ලැබුවේ ඇයිරෑ
පිරිමින් කොතෙක් තම අවශ්‍යතාවය සඳහා යොදා ගනු ලැබුවත් සමස්ත සමාජය ගණිකාව දෙස බලන්නේ මහත් මහා කර්කශ කාලකණ්‚ ගැහැනියක් දෙස බලන ආකාරයෙනුයි ඒ හැරුණු කල ගැහැනිය ගණිකාවක් බවට පත්ව සිටින්නේ සමාජය තුළ සිටින සුචරිතවාදීන් සේ පෙනී සිටින පිරිමින් නිසා බව බොහෝ දෙනකු අමතක කර තිඛෙනවා මේ නිසා ගැහැනිය ගණිකාවක් කරනු ලැබුවේ කවුරුන් විසින්ද කොයි ආකාරයෙන්ද යන්න පෙන්වා දීමත්ල ගණිකා වෘත්තියේ යෙදෙන්නියද ඔබත් අපත් වැනි සත්වයෙක්ය යන්න පෙන්වාදීමත් මෙහි අරමුණ වුණා අනෙක් කාරණය වුණේ ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාව වටා ගොඩනැගී ඇති තැරැව්කාරයින්ල ගණන්කාරයින් සහ කප්පම්කාරයින් ආදී වශයෙන් සැදුම් ලත් මේ ලෝකය ගැන විවරණයක් කිරීම එමෙන්ම සම්භාවනීය ‍ලේඛක පියඩෝර් ඩොස් ටොව්ස්කි සිය අපරාධය හා ද~ුවම නව කතාවේදී සෝන්යා නැමැති ගණිකාවගේ හදවතේ රැඳුණු මනුෂ්‍යාත්මභාවයට දක්වන ඉමහත් ගෞරවය පිළිබඳ හැඟීමද මේ කෘතිය නිම කිරීමට බලපෑ බව කිව යුතුයි

ශ්‍රී ලංකාවේ කාන්තාවකට ගණිකාවන් ගැන ගවේෂණයක යෙදීම තරමටම ඔබ ලියූ වර්ගයේ කෘතියක් එළි දැක්වීමත් යම් ප්‍රමාණයක අභියෝගයක් යැයි අප සිතනවා එම කෘතිය නිකුත් වීමෙන් පසු ඔබ ලැබූ ප්‍රතිචාර මොනවාදරෑ
ඒ ප්‍රතිචාර වැඩි ප්‍රමාණයකින් පෙනෙන්නට තිබුණේ මේ සමාජය කාන්තාවකට සලකන නිර්ලජ්ජිත ආකාරයයි මෙම කෘතිය ගොඩගේ ප්‍රකාශන ආයතනයෙන් නිකුත් කරනවා යයි ප්‍රචාරය වූ දා සිට මට පාතාල ලෝකයේදීවත් අසන්නට නොලැබුණු තරම් අසභ්‍ය වචනවලින් යුත් දුරකථන ඇමතුම් ගලා එන්නට පටන් ගත්තා පිරිමින් විසින් නිර්නාමිකව එල්ල කළ ඒ දුරකථන ඇමතුම් කාගේද කියා අදටත් මා දන්නේ නැහැ ඒ ‍පොත දොරට වඩින්නට නියමිතව තිබුණේ අනූහතේ අවුරුද්දේ දවසක තුනකුත් ගණනකට 230ට මම ඒ සඳහා පිටත් වෙන්න විනාඩි 05ක් තියා ඒ විදියෙ තවත් දුරකථන ඇමතුමකින් කෙනෙක් නොසෑහෙන විදියට බැණ වැදුණා ගැහැනියක විසින් ගණිකාවන් ගැන ගවේෂණයක යෙදීම ‍පොතක් ලිවීම ගැන පවා අද මේ රටේ ජනතාව ගැන හිතන්නේ එහෙම නම් මෙවැනි රටක කාන්තාව පත්වී සිටින තත්ත්වය ගැන සිතා ගත හැකියි නේද

හොඳයි මේ සියලූ‍ හිරිහැර මධ්‍යයේ ඔබ ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් පිළිබඳ සොයා ගත් තොරතුරු මොනවාදරෑ අප රටේ ගණිකා වෘත්තියේ ස්වභාවය කොයි ආකාරද
මූලික වශයෙන් අප රටේ ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් කොටස් 3කට ඛෙදිය හැකියි

ඒ කොයි ආකාරයටද
ඒ තමයි දුරකථන ප‚වුඩ මගින් පමණක් සම්බන්ධ කරගත හැකි ඉහළ පන්තියේ ගණිකාවන්ල බ්‍රොතල් හවුස් නමින් හඳුන්වන ගණිකා මඩම්වල ජීවත්වන ගණිකාවන් සහ වීදි ගණිකාවන් වශයෙන්



Share this video :
 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2013. ලෝකෙටම එකයි - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
| Distributed by Way2 Blogger Templates Proudly powered by Blogger