Home » » How to use Face wash for clean your face ?

How to use Face wash for clean your face ?

test


අපේ හම නිරන්තරයෙන්ම කුණු දූවිලි එක්ක ගැටෙනවා කුණු දූවිලි නිතරම සම මත රැඳුණාම සම ආසාදනය වෙනවා හමේ නිතරම රැඬෙන කුණු දූවිලි සබන්වලින් එතරම් දුරට ඉවත් වෙන්නෙ නැහැ සබන් යෙදීමෙන් කුණු දූවිලි ඉවත් වනවාට වඩා සේදීමක් පමණක් සිදුවේ

සම මත රැඬෙන කුණු දූවිලි ඉවත් කරගත හැකි හොඳම ක්‍රමය වන්නේ ෆෙෂ් වොෂ් යොදා මුහුණ සේදීමයි ෆෙෂ් වොෂ් එකක් තෝරා ගැනීමේදී එය සමේ ස්වභාවය හා ගැළපීම ඉතා වැදගත්ය එසේ නොවුණහොත් ඔබ බලාපොරොත්තු වන ප්‍රතිඵලයට වඩා හානිදායක බවක් එක්කරයි

ඔබ තෝරා ගන්නා ෆෙෂ් වොෂ් වර්ගයේ අන්තර්ගතය පිළිබඳ ඔබ සැලකිලිමත් විය යුතුමය අනෙක් කාරණය වන්නේ එහි ඡ්‍ය අගය 55ට වඩා අඩු අගයක් ගැනීමයි බොහෝ දෙනෙක් ෆෙෂ් වොෂ් දියරය අත්ල මතට ගෙන හොඳින් පෙන නැඟෙන සේ දෙඅත්ල එකිනෙක අතුල්ලා පෙණ ටික ගෙන මුහුණේ ආලේප කරයි නමුත් මෙය ෆෙෂ් වොෂ් පාවිච්චි කරන නිවැරැදි ක්‍රමය නොවේ මෙසේ පෙන රැගෙන මුහුණේ ආලේප කිරීමෙන් මුහුණේ සම මතුපිට රැඬෙන දූවිලි තට්ටුව ඉවත් නොවේ

ෆෙෂ් වොෂ් දියරය රැගෙන එය අත්ල මතට වත්කරගන්න ඉන්පසු ඇඟිල්ලකින් එය මුහුණේ තැනින් තැන තවරන්න දැන් හොඳින් ඇඟිලි තුඩුවලින් මුහුණ මෘදුව පිරිමදින්න විනාඩි 5ක් පමණ මෙසේ මුහුණ මත පෙණ නඟින සේ ඇඟිලි තුඩුවලින් පිරිමැද සෝදා හරින්න හිරු එළියට නිරාවරණය වීමෙන් හෝ නිවෙසින් පිටතට ගොස් පැමිණෙන විට ෆෙෂ් වොෂ් යොදා මුහුණ සෝදන්න එසේ නිතරම මුහුණ සේදීම නොකළත් දිනකට දෙවතාවක්වත් මුහුණ පිරිසුදු කරගන්නඔබඵ්නැ ඹච උන කිරීමට ප්‍රථම මුහුණ ෆෙෂ් වොෂ් යොදා සෝදන්න එවිට ඔබ ගල්වන ආලේපන සම මත වැඩි වේලාවක් රඳවා තබාගත හැකිය


Share this video :
 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2013. ලෝකෙටම එකයි - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
| Distributed by Way2 Blogger Templates Proudly powered by Blogger